වෙඩි වැදුණු ට්‍රම්ප් යළිත් මැතිවරණ සටන අරඹයි
පසුගිය සෙනසුරාදා (13) දින පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැළියක් අතරතුර ඇමරිකානු රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වුණා.
එහිදී ඔහුගේ දකුණු කණට පමණක් වෙඩිවැදී ඇති අතර ඔහුගේ ජීවිතය අනූනවයෙන් බේරුණා. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් ඔහු වටකරගෙන වේදිකාවෙන් රැගෙන යන දර්ශන සජීවී ලෙස විකාශය කෙරුණා. ඒ අතරතුර ඔහු අත ඉහළට ඔසවමින් Fight....Fight....Fight යනුවෙන් ප්‍රකාශ කරන අන්දමද සජීවීව පටිගත වී තිබුණා.
වෙඩික්කරු වයස අවුරුදු 20 ක් වන තෝමස් මැති්ව් කෘක්ස් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේම පදිංචිකරුවෙකු වන බව බවත් හෙළිකර තිබෙනවා. ප්‍රහාරකයා වෙඩි තබනවාත් සමග ක්‍රියාත්මක වූ ඇමරිකානු ආරක්ෂක අංශ ස්නයිපර්කරුවන් විසින් වෙඩික්කරුගේ හිසටම එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් ඔහු එතැනම මියගොස් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.
කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයට ලක්වුණු ඩොනල්ට් ට්‍රම්ප් දැඩි ආරක්ෂක රැකවල් මැද අද (15) යළිත් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹා ඇති බව වාර්තා වෙනවා. ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ මිල්වාවුකී ප්‍රදේශයේ පැවත්වෙන රිපබ්ලිකන් පක්ෂ ජාතික රැළියකට (RNC - Republican National Convention) සහභාගි වීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්