ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට
ආසියානු
කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් කුසලාන දෙවන අවසන් පූර්ව තරගයේ දී පාකිස්ථාන
කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්නට සමත්
වුණා.
අද (26)
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී මුලින් පන්දුවට පහර
දුන් පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 4ක්
දැවී ලකුණු 140ක් ලබාගත්තා. එම ලකුණු හඹායාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා
කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 19 පන්දු 5කදී කඩුළු 7ක් දැවී ලකුණු 141ක්
ලබාගනිමින් අවසාන මහා තරගය සදහා සුදුසුකම් ලබාගන්නට සමත් වුණා.
මෙහිදී ශ්‍රී
ලංකා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු සිය ජාත්‍යන්තර විස්සයි විස්ස 11 වන අර්ධ ශතකය වාර්තා
කරමින් ලකුණු 63ක් ලබාගත්තා.
ඒ අනුව
විස්සයි විස්ස කාන්තා ආසියානු කුසලාන අවසාන මහා තරගය ලබන 28 වැනිදා සවස 3.00ට
ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ
දී පැවැත්වීමට නියමිතයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්