ශ්‍රී ලංකාවට අමිහිරි තරගාවලි පරාජයක්
පල්ලේකැලේ
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද (30) පැවති අවසන් විස්සයි විස්ස
තරගයේ සුපිරි පන්දුවාරයේ දී නොසිතූ පරාජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාව
හමුවේ 3 -0 ක් ලෙස තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අන්ත පරාජයක්
ලබන්නට සිදුවුණා.
කාසියේ
වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට
ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 09ක්
දැවී ලකුණු 137ක් ලබාගත්තා.
ඊට
පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසාන පන්දු වාරයේ දී ලකුණු
සම තත්ත්වයට පත්වීම හේතුවෙන් (137/ 08) සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කරනු
ලැබුවා.
එහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02ක් දැවී ලකුණු 02 ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීම හමුවේ පළමු පන්දුවෙන්ම ලකුණු 04ක් ලබාගත් ඉන්දීය කණ්ඩායම සිය තරගාවලි ජය තහවුරු කරගනු ලැබුවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්