ලංකාවට වසර 27කට පසු විශිෂ්ට තරගාවලි ජයක්
සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග අද
(07) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති තෙවන
හා අවසාන එක්දින තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමග 2 – 0 ක් ලෙස
තරගාවලියේ ජය ද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර එය වසර 27කට පසු ඉන්දියාවට
එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් තරගාවලි ජයග්‍රහණය බවට පත්වුණා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර
දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුළු
07කට ලකුණ 248ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම
ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩාමට සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138ක්
පමණි.
යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට
දක්ෂතා දක්වමින් කඩුලු 5 ක් ලබාගත් අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96 ක්ද කුසල් මෙන්ඩිස් 59 ක්ද ලබාගෙන
ශ්‍රී ලංකා කණ්ඩායම යම් ස්ථාවර මට්ටමකට ගෙනඑනු ලැබුවා.
තරගාවලියේ පළමු එක්දින තරගය කණ්ඩායම් දෙකම ලකුණු සම වූ අතර පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි තරග ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය ලබාගත්තා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්