

ලෝක ටෙනිස් ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා නොවැක් ජොකොවිච්
ලෝක ටෙනිස් ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා
බවට පත්වෙමින් මෙවර 2024 පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි කේවළ ටෙනිස් තරග ඉසව්වේ
රන් පදක්කම හිමිකර ගැනීමට ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් පරාජයට පත්කරමින් ලොව සුපිරි
ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ (04) සමත් වුණා.
37 හැවිරිදි නොවැක්
ජොකොවිච් සහ 21 හැවිරිදි කාලෝස් අල්කරාස් පිරිමි කේවල
ටෙනිස් අවසන් සටනට පිවිසුණේ ඔලිම්පික් ඉතිහාසයේ එම ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ
වයස්ගතම සහ ළාබාලතම ක්‍රීඩකයින් දෙදෙනා ලෙසට ය.
අවසන් මහා තරගය අතිශය තියුණු මුහුණුවරක්
ගත්තද අත්දැකීම් බහුල ජොකොවිච් පළමු වට දෙක ලකුණු 7-6ක් සහ 7-6ක් ලෙස ජයගනිමින් සිය වසර 21ක ටෙනිස් දිවියේ
විශාලතම සිහිනය වූ ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.
ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 24ක්
ජයගෙන ඇති ජොකොවිච් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල කිහිපවරක් ප්‍රථම ස්ථානය
දිනාගෙන සිටි ක්‍රීඩකයා ද වෙයි. මේ සියලු ශූරතා අතරේ සිය ජයග්‍රහණ ගොන්නට
ඔලිම්පික් රන් පදක්කමක්ද එක්කර ගනිමින් ටෙනිස් ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා බවට
පත්වුණි.
තරගයෙන් අනතුරුව ජොකොවිච් පැවසුවේ සිය ක්‍රීඩා
දිවියේ විශාලතම ජයග්‍රහණය මෙම ඔලිම්පික් රන් පදක්කම බවය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්
